< Return to Video

ඍද්ධියෙන් පියාසර කල භික්ෂුව ගේ කථාව | අජාන් බ්‍රහ්ම්

  • 0:02 - 0:04
    ඔන්න භික්ෂූන් වහන්සේ නමක් වාසය කලා
  • 0:05 - 0:08
    උන් වහන්සේ වනගත වෙලා සිටියේ
  • 0:09 - 0:12
    භාවනා සුවයෙන් කැලෑවේ වාසය කලා.
  • 0:12 - 0:16
    ඒ කාලයේ භික්ෂූන් වහන්සේලාට දානය පූජා කරන්න
    කිසි අපහසුතාවක් තිබුණේ නැහැ
  • 0:16 - 0:19
    සම්පූර්ණ හුදකලාවේ
    උදේ හවස භාවනා කරමින් වැඩ සිටියා
  • 0:19 - 0:21
    හරිම හොඳ භික්ෂුවක්
  • 0:21 - 0:24
    ඔහොම කාලය ගත කරන විට
    ගැඹුරු භාවනාවන්ට සම වැඳුණා
  • 0:24 - 0:27
    ගැඹුරු භාවනා සමහර විට
  • 0:27 - 0:29
    ඍද්ධි බල ගෙන දෙනවා.
  • 0:29 - 0:33
    ඇත්තෙන්ම ඔහුට ගුවනේ පියා සර කරන්න
    හැකියාව ඇති වුනා.
  • 0:33 - 0:36
    ඉතින් සෑම දිනකම උදේ පාන්දර පියාසර කරනවා
  • 0:36 - 0:38
    හරියට ව්‍යායාමයක යෙදෙනවා වාගේ
  • 0:39 - 0:43
    ප්‍රශ්නය වුනේ කවුරු නමුත් ඕක දැක්කා
  • 0:44 - 0:46
    ඒ නිසා ඔය කාට හරි ඍද්ධි බල ලැබුනොත්
  • 0:47 - 0:49
    කරුණාකරලා ප්‍රසිද්ධියේ කරන්න එපා
  • 0:50 - 0:53
    මොකද ලොකු කරදරයක වැටෙන්න පුළුවනි.
  • 0:53 - 0:55
    ඉතින් කවුද දැකලා
  • 0:56 - 0:58
    ආරංචිය පැතිරුණා
  • 0:58 - 1:01
    ඉතින් ඔහොම ආරංචිය පැතිරුණාම
  • 1:01 - 1:03
    හිතන්න, ධම්මසාර ආරණ්‍යයේ කෙනෙකුට
  • 1:03 - 1:07
    අහසේ පියාසර කරන්න පුළුවන් කියලා
    ආරංචි වුනොත්
  • 1:07 - 1:10
    බලන්න යනවානේ.
  • 1:10 - 1:12
    එහේ ගිහින් භික්ෂුණියන් වහන්සේලාට
    කරදරයක් වේවි
  • 1:12 - 1:15
    "අපට පෙනෙන්න පියාසර කරන්න කෝ"
  • 1:15 - 1:17
    (සිනහා)
  • 1:17 - 1:19
    කෙසේ වෙතත්, මේ භික්ෂුව ගැන
  • 1:19 - 1:22
    රටේ රජ්ජුරුවන්ටත් ආරංචි වුනා
  • 1:22 - 1:24
    රජතුමා කීවා, මම හරි කැමැත්තෙන් සිටියේ
  • 1:24 - 1:25
    ඍද්ධිබල ඇති හොඳ භික්ෂුවක් හමු වෙන්න.
  • 1:25 - 1:28
    ඔය අය කැමති ද භික්ෂුවක් ඍද්ධි බලයෙන්
    පියාසර කරනවා බලන්න?
  • 1:28 - 1:31
    කැමතිද? අනිවාර්යයෙන් කැමතියි.
  • 1:31 - 1:33
    ඉතින් රජතුමාත් කැමති වුනා.
  • 1:33 - 1:35
    භය වෙන්න එපා අපි ඒවා කරන්න යන්නේ නැහැ;
    (සිනහා)
  • 1:35 - 1:37
    නමුත් මේ රජතුමා
  • 1:38 - 1:39
    රජතුමෙක් වුනාම
  • 1:39 - 1:41
    බලය තියනවානේ් ඉතින් සෙබළුන් යැවුවා
  • 1:42 - 1:44
    ගිහින් කීවා
    "රජතුමා ඔහු බැහැ දකින්න එන්න කිවා" කියලා
  • 1:44 - 1:47
    ඔහු කීවා "මට මාලිගාවට යන්න ඕනෑ නැහැ
    මම සාමාන්‍ය භික්ෂුවක්"
  • 1:47 - 1:49
    අර අය කීවා "මේක ආරාධනාවක් නෙමෙයි
    අණ කිරීමක්, එන්න ඕනෑ"
  • 1:50 - 1:52
    ඉතින් මාලිගාවට එක්කගෙන ගියා.
  • 1:53 - 1:55
    රජතුමා හොඳ බෞද්ධයෙක්
  • 1:55 - 1:58
    ඉතින් ඔහු භික්ෂුවට හොඳ කුටියක් හදලා
  • 1:59 - 2:00
    කැලේ පැත්තට වෙන්න
  • 2:01 - 2:04
    ඔහු කීවා "ඔබ වහන්සේ මෙහි වැඩ සිටින්න"
  • 2:04 - 2:06
    "ඉන්න පුළුවන් නොවෙයි, ඉන්නට ම ඕනෑ"
  • 2:06 - 2:10
    මට අවශ්‍යයි ඔබ වහන්සේට දානය පිළිගන්වන්න
  • 2:10 - 2:12
    හොඳ කර්ම රැස් කර ගන්න
  • 2:12 - 2:14
    මොකද ඔබ වහන්සේ බොහොම හොඳ
    සිල්වත් භික්ෂුවක්
  • 2:14 - 2:16
    ධර්මය පිළිබඳ ගැට‍ළු විමසා ගන්නත්
  • 2:16 - 2:19
    ඒ වාගේම රාජධානිය පාලනය ගැනත් උපදෙස්
    ගන්න හැකියි.
  • 2:19 - 2:20
    ඔබ වහන්සේ බොහොම ප්‍රඥාවන්තයි.
  • 2:20 - 2:23
    ඔබ වහන්සේ ඇමතිවරු, දේශපාලනඥයන්
    වගේ වාසි වලට නොවේ
  • 2:23 - 2:25
    ඔබ වහන්සේ ප්‍රඥාවන්තයි
  • 2:25 - 2:28
    ඉතින් මම දානය පිළිගන්වන්නම්.
    මෙහි වැඩ සිටින්න.
  • 2:28 - 2:31
    ඔබ වහන්සේට කැමති විධියකට ඍද්ධි බලයෙන්
    අහසේ සැරි සරන්න පුළුවනි.
  • 2:31 - 2:34
    මට අවශ්‍ය ඔබ වහන්සේ මගේ ප්‍රඥාවන්ත
    උපදේශකයෙකු වන්නටයි.
  • 2:34 - 2:36
    එහි අර්ථවත් කමක් තියෙන නිසා
  • 2:36 - 2:39
    භික්ෂූන් වහන්සේ කැමති වුනා.
  • 2:39 - 2:42
    රජතුමා ‌‌ප්‍රණීත ආහාර පිළිගැන්වූවා
  • 2:42 - 2:44
    ඔහු මාලිගාවේ අසල වනයක් වාසය කලා
  • 2:44 - 2:46
    කැලේ ඉන්නවා වාගේමයි
  • 2:46 - 2:49
    සෑම පාන්දරට
    අහසේ ‌ඍද්ධි ව්‍යායාමයේ යෙදෙනවා
  • 2:49 - 2:50
    නමුත් එක දවසක්
  • 2:50 - 2:53
    උන්වහන්සේ බිමට පතිත වෙන අතර
  • 2:54 - 2:59
    එදා උදේ දානය පිළිගන්වන්න පැමිණියේ
    රාජ කුමාරිකාවක්
  • 2:59 - 3:01
    රජතුමාට එන්න අපහසු වුන නිසා
  • 3:01 - 3:03
    ඇය කියන්න බැරි තරම් ලස්සනයි
  • 3:03 - 3:05
    උසි ගැන්වෙන සුරූපිකාවක්
  • 3:05 - 3:07
    (සිනහ)
  • 3:07 - 3:10
    මේ භික්ෂුව පොළොවට පතිත වෙමින් සිටින අතරේ
  • 3:10 - 3:13
    එක මොහොතකට ඇය ව දුටුවා
  • 3:13 - 3:15
    ඒ රාගයෙන් වෙළුණ එක මොහොත
    ප්‍රමාණවත් වුනා
  • 3:16 - 3:18
    ඔහුගේ ඍද්ධි බලය පිරිහෙන්නට
  • 3:19 - 3:21
    ඔහු බිමට කඩා ගෙන වැටුණා
  • 3:21 - 3:24
    (සිනහා)
  • 3:25 - 3:29
    ඍද්ධි බලයෙන් පියාසර කරන්න බැරි බව වැටහිලා
  • 3:29 - 3:31
    ඇවිදගෙන ගියා.
  • 3:31 - 3:33
    දවල් දානයෙන් පසු
    ඔහු ආපස්සට කැලේට ගියා.
  • 3:33 - 3:35
    රජතුමා ගැනවත් කිසිම තැකීමක් කළේ නැත
  • 3:35 - 3:38
    ඒ ඍද්ධි බලය ආපසු ලැබෙන්න ඔහුට අවුරුදු
    දෙක තුනක් ගියා
  • 3:39 - 3:42
    ඔය ඍද්ධි බලවේග ඒ තරමට සංවේදීයි
  • 3:42 - 3:44
    ඉතින් ඔව් ඍද්ධි බලවේග පවතිනවා
  • 3:44 - 3:46
    නමුත් එක මොහොතක තරහක්,
    රාග සිතිවිල්ලක්
  • 3:46 - 3:48
    පොඩි මාන්නයක් ප්‍රමාණවත්
  • 3:48 - 3:49
    ඒවා පිරිහිලා අතුරුදහන් වෙලා යන්න.
  • 3:49 - 3:52
    ඒ තරමට සංවේදීයි.
  • 3:52 - 3:53
    ඉතින් ඔය මහත්වරු
  • 3:54 - 3:56
    භික්ෂුණී වහන්සේලා ඇරෙන්න
  • 3:56 - 3:57
    ඔය අය මහණ වෙලා නැහැ
  • 3:57 - 3:59
    රාග ද්වේශ යටපත් කර ගෙන නැහැ
  • 3:59 - 4:03
    ඒ නිසා කරුණාකරලා අහසේ ඉගිල්ලෙන්න යන්න එපා
  • 4:03 - 4:06
    උඩට ගිහාම මොකක් හරි දෙයක් මතු වේවි
  • 4:06 - 4:07
    කවුරු හරි ශබ්දයක් කරයි
  • 4:07 - 4:09
    "අන්න ආයෙත් එයා තමයි"
    කියලා හිතේවි
  • 4:09 - 4:11
    කඩාගෙන බිමට වැටෙයි
  • 4:12 - 4:13
    වැටිලා තුවාල කර ගනී.
  • 4:13 - 4:16
    එනිසායි අපි එය ඍද්ධි බල භාවිතා නොකරන්නේ
  • 4:16 - 4:18
    ඒ ඍද්ධි බලය
  • 4:18 - 4:20
    බොහෝම කාලයකට උඩදී වුනේ.
  • 4:21 - 4:23
    ඒ ගැන ද ඔය අයට අසන්න ඕනෑ වුනේ?
  • 4:23 - 4:25
    හොඳයි
  • 4:25 - 4:27
    මනස කියන්නේ කුමක් ද?
    (ඊළඟ ප්‍රශ්නය)
Title:
ඍද්ධියෙන් පියාසර කල භික්ෂුව ගේ කථාව | අජාන් බ්‍රහ්ම්
Description:

අජාන් බ්‍රහ්ම් ගැඹුරු භාවනාව සහ ඍද්ධියෙන් පියාසර කිරීමේ හැකියාව වර්ධනය කළ භික්ෂුවක් පිළිබඳ හාස්‍යජනක නමුත් අර්ථවත් කථාවක් අපට කියනවා.

more » « less
Video Language:
English, British
Team:
Buddhist Society of Western Australia
Project:
Dhamma Shorts
Duration:
04:27

Sinhala subtitles

Revisions