කාර්යාලයේ ලිංගික අපයෝජන නවත්වන්නේ කෙසේද
-
0:01 - 0:05"මම ඉල්ලා සිටියේ මට ලැබිය යුතු උසස්වීමක් විතරයි ,
-
0:05 - 0:07ඔහු මට කිව්වා මේසය උඩ
-
0:07 - 0:08කකුල් ඈත් කරන්න කියල "
-
0:10 - 0:13"කාර්යාලයේ ඔක්කොම පිරිමි අය කොලේක ලියල තිබුණ
-
0:13 - 0:15ඒ අයට මගෙන් කර ගන්න අවශ්‍ය ලිංගික කර්තව්‍යයන්.
-
0:16 - 0:18ඒ මම ජනේලයක් තියෙන කාර්යාලයක් ඉල්ලුවහම"
-
0:20 - 0:24"මම කමිටුවකින් පනතක් සම්මත කරගන්න කෙනෙක්ගෙන් උපදෙස් ඉල්ලුවා
-
0:24 - 0:27ඔහු මට කිව්වා දනිස් ආවරණ අරගෙන එන්න කියල"
-
0:30 - 0:32මේ කතන්දර කිහිපය පහුගිය අවුරුද්දේ වෙනත් කාන්තවන්ගෙන්
-
0:32 - 0:35මට අහන්න ලැබුණු අමිහිරි කතා කිහිපයක් විතරයි
-
0:35 - 0:38ඒ පහුගිය කලේ කාර්යාල තුල සිදු වෙන ලිංගික අපයෝජනයන් ගැන සමීක්ෂණයක් කරමින් ඉන්නකොට
-
0:38 - 0:40මට දැනුනාහොයා ගත්ත දේ තමයි මේක
-
0:40 - 0:43ලෝකය පුරාම පැතිරුණ වසංගතයක් කියන එක.
-
0:44 - 0:48මේක මිලියනයක් කාන්තාවන්ට අමිහිරි යථාර්තයක්,
-
0:48 - 0:50එගොල්ලන්ට අවශ්‍ය කරන්නේ හැමදාම
-
0:50 - 0:51කාර්යාලයට යන්න විතරයි .
-
0:53 - 0:55ලිංගික අපයෝජකයින් තරාතිරම සලකන්නේ නැහැ
-
0:56 - 0:57කෙනෙක් සායක් ඇඳන් ඉන්න පුළුවන්,
-
0:58 - 0:59රෝහල් නිල ඇඳුමක් ඇඳන් ඉන්න පුළුවන්,
-
0:59 - 1:01හමුදා නිල ඇඳුමක් ඇඳන් ඉන්න පුළුවන්,
-
1:01 - 1:03තරුණ මහළු,
-
1:03 - 1:04විවාහක හෝ අවිවාහක වෙන්න පුළුවන් ,
-
1:04 - 1:05කළු සුදු වෙන්න පුළුවන් ,
-
1:05 - 1:09ජනරජ වාදියෙක් හෝ ප්‍රජාතාන්ත්‍රික නැත්නම් ස්වාධීන කෙනෙක් වෙන්නත් පුළුවන්.
-
1:11 - 1:13මට හුඟාක් කාන්තාවන්ගෙන් අහන්න ලැබුණා :
-
1:14 - 1:15පොලිස් නිලධාරීන්,
-
1:15 - 1:17ආරක්ෂක අංශයේ නිලධාරීන්,
-
1:17 - 1:18මුල්‍ය සේවාදායකයන්ගෙන්,
-
1:18 - 1:22නළුවන් , ඉංජිනේරුවන් , නීතිඥයන්
-
1:22 - 1:25බැංකු කරුවන් , ගණකාධිකාරීන්, ගුරුවරු
-
1:25 - 1:27ජනමාධ්‍යවේදීන්.
-
1:30 - 1:32ලිංගික අපයෝජනය සිද්ධ වෙන්නේ, මම හොයා ගත්ත විදියට
-
1:32 - 1:34ලිංගික අවශ්‍යතා මතම නෙවෙයි.
-
1:35 - 1:37බලය ලබා ගැනීම තමයි අරමුණ ,
-
1:37 - 1:40යමෙකුට තවත් කෙනෙකුට කල හැකි දේ ගැන
-
1:40 - 1:42තවත් කෙනෙකුව සම්පුර්ණයෙන්ම බල රහිත කිරීම ගැන .
-
1:43 - 1:44මම අද මෙතන මෙතනට ආවේ
-
1:45 - 1:50ඒ බලය නැවත ලබා ගන්න පුළුවන් බව කියන්න.
-
1:51 - 1:54(අත්පොලසන්)
-
1:56 - 1:582016 ජුලි 16 වෙනිදා,
-
1:59 - 2:01මම තනියම කඳු මුදුනකින් පැන්නා,
-
2:03 - 2:05මගේ ජීවිතේ ලොකුම බය දැනුණ මොහොත තමයි ඒ ;
-
2:05 - 2:07ඉතාම අමාරු තීරණයක් ගන්න වුන මොහොත.
-
2:09 - 2:12මම ගැඹුරු අගාධයකට වැටුනා තනියම,
-
2:13 - 2:15මොනවා පතුලේ තියෙනවද දන්නේ නැතිව.
-
2:16 - 2:20නමුත් ඊට පස්සේ ආශ්චර්යමත්ජනක දෙයක් සිදු වුනා.
-
2:20 - 2:22කාන්තාවන් දහස් ගණන් මට කතා කරන්න පටන් ගත්තා
-
2:22 - 2:25ඔවුන්ගේ දුක, වේදනාව, ලැජ්ජාව පිරුන අත්දැකීම් බෙදා ගන්න.
-
2:26 - 2:28ඔවුන් මට කව්වා, මම ඒ අයගේ හඬ වෙලා කියල
-
2:28 - 2:30ඔවුන්ට ඒ වෙනකල් හඬක් තිබ්බේ නැහැ
-
2:32 - 2:36එකපාරටම , මට තේරුණා 21 වෙනි සියවසේත්
-
2:36 - 2:38හැම කාන්තාවකටම අත්දැකීමක් තිබුන කියල .
-
2:41 - 2:42හරියට ජොයිස්ට වගේ,
-
2:43 - 2:45ඇය ගුවන් සේවිකා අධීක්ෂක කෙනෙක්
-
2:45 - 2:47එයාගේ ප්‍රධානියා හැමදාම රැස්වීම් වලදී
-
2:47 - 2:50කලින් දවසේ බලපු කාමුක චිත්‍රපටි ගැන එයාට කියන ගමන්
-
2:50 - 2:52පිරිමි ලිංගය සටහන් පොතේ අඳිනවා.
-
2:52 - 2:53ජොයිස් මේගැන පැමිණිලි කරන්න ගියා.
-
2:53 - 2:55එයට "පිස්සු " කියල ජෝයිස්ව රැකියාවෙන් ඉවත් කරනවා.
-
2:55 - 2:58ජොඈන් වගේ , ඉතාම දක්ෂ පිළිගත් බැංකුකාරියක්
-
2:58 - 3:01අයගේ පිරිමි සගයන් ඇයට ඉතාම නරක වචනයකින් හැමදාම කතා කළා
-
3:01 - 3:02ඇයත් පැමිණිලි කලා
-
3:02 - 3:04ඇයව කරදරකාරියක් හැටියට නම් කරා ,
-
3:04 - 3:07ඇයට කවදාවත් wallstreet වල ගනුදෙනුවක් කර ගන්න බැරි වෙන්න
-
3:07 - 3:10හරියට එලිසෙබත් වගේ , හමුදා නිලධාරිනියක්
-
3:11 - 3:14ඇයගේ පිරිමි සගයින් ඩොලර් 1 කොළ එයාගේ මුනේ අතුල්ලන ගමන්
-
3:14 - 3:16"අපිට පේන්න නටන්න" කියල කිව්වා..!
-
3:16 - 3:18ඇය මේජර් වරයෙකුට පැමිණිලි කලාම ඔහු කිව්වා
-
3:18 - 3:21"අය්යෝ! ඩොලර් 1 ඒවා විතරයිද?
-
3:21 - 3:23ඔයා අඩුම තරමේ ඩොලර් පහක් දහයක් වත් වටිනවා" කියල.!
-
3:26 - 3:28මේ විද්‍යුත් පණිවුඩ කියවලා
-
3:28 - 3:30පිළිතුරු ලියලා, ඒ ගැන අඬලා ,
-
3:30 - 3:35පිළිතුරු ලියලා, ඒ ගැන අඬලා ,
-
3:35 - 3:39මම තේරුම් ගත්තා, මගේ කාර්යභාරය ඉතාම විශාලයි කියල.
-
3:40 - 3:42අහන්න මේ අදහන්න බැරි කරුණු ,
-
3:42 - 3:44අපි දන්නා පරිදි, සෑම කාන්තාවන් තුන්දෙනෙක් දෙනෙක් ගෙන කෙනෙක්
-
3:45 - 3:47වැඩපල තුලදී ලිංගික අපයෝජනයට ලක්වෙලා තියෙනවා
-
3:49 - 3:54මේවායින් 71% අවස්ථාවන් වාර්තා වෙන්නෙත් නැහැ
-
3:55 - 3:56ඇයි ?
-
3:57 - 3:58කාන්තාවන් මේවා වාර්තා කරන්න ඉදිරිපත් වුනාම,
-
3:58 - 4:01ඔවුන්ට බොරු කාරියන්,කරදර කාරියන් හැටියට හංවඩු ගහනවා.
-
4:01 - 4:03පහත් කරලා කැත විදියට කතා කරනවා
-
4:03 - 4:04ඔවුන්ව පහත හෙලනවා
-
4:04 - 4:06ඒවගේම රැකියාවෙන් ඉවත් කරනවා.
-
4:06 - 4:10ලිංගික අපයෝජනය ගැන කතා කිරීම, වෘතියිය නැති කර ගැනීමක්
-
4:11 - 4:13මට කතා කරපු සියලුම කාන්තාවන්ගෙන් කිසිම කෙනෙක්
-
4:14 - 4:19ඔවුන් කැමැත්තෙන් තෝරාගත් රැකියාව කරන්නේ නැහැ
-
4:19 - 4:21මේක කොහෙත්ම පිළිගත නොහැකි තත්වයක් .
-
4:24 - 4:27මමත් මුලදී නිහඬව හිටිය කෙනෙක්.
-
4:28 - 4:32මම මේ සිද්ධියට මුහුණ දුන්නේ miss ameraica තරඟය අවසානයේ,.
-
4:32 - 4:35මම ඉතා ඉහල මට්ටමේ රුපවාහිනී වැඩසටහන් විධයකයෙක් හමු වුණාම
-
4:35 - 4:36නිව්යෝර්ක් නගරයේදී
-
4:36 - 4:38මම හිතුවේ ඔහු මට දවස පුරාම උදව් කරාවි කියල දුරකථන ඇමතුම් දෙන්න විවිධ අයට .
-
4:39 - 4:40මම හිතුවේ ඔහු මට දවස පුරාම උදව් කරාවි කියල දුරකථන ඇමතුම් දෙන්න විවිධ අයට .
-
4:40 - 4:41අපි රාත්‍රී ආහාරය ගන්න ගියා,
-
4:41 - 4:44පසුපස ආසනයේදී එකපාරටම ඔහු මගේ ඇඟට ඇවිත්
-
4:44 - 4:46මාව සිප ගන්න පටන් ගත්තා.
-
4:48 - 4:52මෝඩ මම දැනගෙන හිටියේ නැහැ ගනුදෙනු සිද්ධ වෙන්නේ එහෙමයි කියල
-
4:54 - 4:56ඔහුගේ වෙනත් යටි අරමුණුත් තිබුනා .
-
4:59 - 5:00ඊට සතියකට විතර පස්සේ,
-
5:00 - 5:05මම ලොස් ඇන්ජලීස් නුවර තවත් ප්‍රකාශකයෙක් මුණ ගැහුනමත්,
-
5:05 - 5:06ආයෙත් එහෙමම සිද්ධ වුණා.
-
5:06 - 5:07අයෙමත් වාහනයක පසුපස ආසනයේ.
-
5:07 - 5:10ඔහු මගේ ඔලුව පිටිපස්සේ බෙල්ලෙන් අල්ලලා
-
5:10 - 5:13අරගෙන කකුල් දෙක මැදට තියල තද කරගත්තා
-
5:14 - 5:15මට හුස්ම ගන්න බැරි වුනා.
-
5:21 - 5:27කෙනෙකුගේ ආත්ම විස්වාසය නැත්තටම නැති වෙන්නේ මේ වගේ වෙලාවට තමයි.
-
5:30 - 5:34මෑතක් වෙනකල්ම මම මේ සිද්ධි
-
5:34 - 5:36අතවරයක් කියල හැඳින්වූවේ නැහැ.
-
5:39 - 5:43මේ නිසා තමයි අපේ කාර්යභාරය තවත් වැඩි වෙන්නේ
-
5:47 - 5:49මගේ miss america අවුරුද්දක කොන්ත්‍රාත් එකෙන් පස්සේ
-
5:49 - 5:52මට හුඟක් ඉතාම ප්‍රසිද්ධ කට්ටිය හම්බ වුනා
-
5:53 - 5:55ඩොනල්ඩ් ට්‍රුම්ප් ඒ අතරින් කෙනෙක්
-
5:56 - 5:58මේ පින්තුරේ 1998 ගන්නකොට ,
-
5:58 - 6:01කවුරුවත් හිතුවෙවත් ඔහු අද කොතන ඉඳියිද කියලා
-
6:01 - 6:02(සභාවේ සිනා )
-
6:03 - 6:06මම කාර්යාලයේ ලිංගික අතවර වලගේ එරෙහිව සටන් කරන අතරේදී.
-
6:07 - 6:10ඔහු ඇමරිකාවේ ජනාධිපති
-
6:10 - 6:11මගේ කොච්චර උත්සාහ කලත් .
-
6:14 - 6:17ඊට ටික කාලෙකට පස්සේ මට පළමු රැකියාව හම්බ වුනා රුපවාහිනී ප්‍රවෘති අංශයේ
-
6:17 - 6:18වර්ජීනියා රිච්මන්ඩ් වල
-
6:18 - 6:21බලන්න රෝස පාට කබාය එක්ක විශ්වාසවන්ත හිනාව
-
6:21 - 6:23කොන්ඩේ නම් එච්චර නැහැ
-
6:23 - 6:24(සිනා)
-
6:24 - 6:29මම හුඟක් මහන්සියෙන් වැඩ කලා මම බුද්ධිමත් කියල පෙන්නන්න
-
6:31 - 6:34නමුත් මම වාර්තා කරපු පළමු සිද්ධිය
-
6:34 - 6:36තමයි අනීතා හිල් ගේ වොෂින්ටන් වල නඩු විභාගය
-
6:37 - 6:38ඊටත් ටික කාලෙකට පස්සේ
-
6:38 - 6:41මටත් වැඩපොලේදී ලිංගික අතවර වලට මුහුණ දෙන්න සිධ්ධ වුනා
-
6:42 - 6:44මම වර්ජීනියා වල ගම්බද පළාතක සිද්ධියක් වාර්තා කරමින් හිටියේ,
-
6:45 - 6:46අපි වාහනයේ පිටිපස්සට නැග්ගා,
-
6:46 - 6:48මගේ කැමරා කරු කතා කරන්න පටන් ගත්තා,
-
6:48 - 6:51එයා මගේ පපුව අතගනවට මම කොච්චර කැමතිද කියල,
-
6:51 - 6:53ඒ මගේ මයික්රොෆෝනය හයි කරද්දී.
-
6:53 - 6:54එතනින් පස්සේ සිද්ද වුන දේවල් ඊටත් වඩා නරකයි
-
6:55 - 6:57මම වාහනයේ දොරට හේත්තු වෙලා හිටියා
-
6:57 - 6:59ඒ කාලේ ජංගම දුරකථන තිබ්බේ නැහැ
-
6:59 - 7:00මම ගල් ගැහිලා හිටියේ.
-
7:00 - 7:04මට මැවිලා පෙනුන මම වාහනෙන් එලියට රෝල් වෙලා යනවා
-
7:04 - 7:07වාහනේ හැතැප්ම 50 ක වේගෙන් යන ගමන් , හරියට චිත්‍ර පටියක වගේ,
-
7:07 - 7:10මම කල්පනා කරා කොච්චර රිදෙයිද කියල.
-
7:14 - 7:17හාවී වයින්ස්ටීන් ගේ කතන්දර එලියට එනකොට
-
7:17 - 7:20අපි හොඳටම දන්නා අඳුනන චිත්‍රපටි රජෙක්
-
7:20 - 7:22චෝදනා හරිම අප්‍රසන්නයි
-
7:23 - 7:25එත් කී දෙනෙක් නම් කාන්තාවෝ පාපොච්චාරණය කරාද
-
7:25 - 7:28එතකොට මට තේරුණා මම වැඩක් ඇති යමක් කරලා තියෙනවා කියල.
-
7:29 - 7:35(අත්පොලසන්)
-
7:36 - 7:38ඔහුගේ හේතුදක්වීම් නම් හරිම දුර්වලයි
-
7:39 - 7:41එය කිව්වේ එය 70 දශකයේ කෙනෙක් කියල
-
7:41 - 7:43එක ඒ කාලේ සාමාන්‍ය දෙයක් කියල
-
7:43 - 7:45ඔවේ එක ඒ කාලේ සංස්කෘතිය තමයි
-
7:45 - 7:48අවාසනාවකට එක තාමත් එහෙමමයි
-
7:48 - 7:49ඇයි....?
-
7:50 - 7:51හේතුව තමයි ලිංගික අපයෝජන
-
7:51 - 7:53ගැන පැතිරිලා තියෙන මිත්‍යා මත.
-
7:55 - 7:58"කාන්තාවෝ වෙන රස්සාවකට යන එක තමයි හොඳම විසඳුම "
-
7:58 - 7:59එක හොඳ වැඩේ.
-
7:59 - 8:02එක කියන්න ඕනේ රස්සාවල් දෙකකට යන තනියම ළමයි බල ගන්න අම්මලට
-
8:02 - 8:03එදිනෙදා ජීවිතේ ගැට ගහ ගන්න හදන අතරේ
-
8:03 - 8:05තව ලිංගික අපයෝජන වලටත් මූන දෙන්න වුණාම
-
8:06 - 8:08තව එකක් තමයි ගෑනු ය මේවා විහින් කර ගන්න දේවල් කියන එක
-
8:08 - 8:09තව එකක් තමයි ගෑනු ය මේවා විහින් කර ගන්න දේවල් කියන එක
-
8:10 - 8:12අපි අඳින ඇඳුම් වලින්
-
8:12 - 8:13අපි පළඳින ආයිත්තම් වලින්
-
8:14 - 8:17මම හිතන්නේ ඉංජිනේරු මහත්තුරු අඳින ඇඳුම්
-
8:17 - 8:19එහෙම බලපෑම් කරන්නේ නැතිව ඇති.
-
8:21 - 8:22"මේවා කාන්තාවෝ විහින් කර ගන්න දේවල්"
-
8:23 - 8:26එක එච්චරම විනෝද ජනක නිසා වෙන්න ඇති
-
8:26 - 8:28නිකන් නොන්ජල් වෙන්න.
-
8:28 - 8:29මම දන්නේ නැහැනේ ඒවා ගැන
-
8:31 - 8:36"කාන්තාවෝ මේ ප්‍රසිද්ධ වෙන්න, සල්ලි කඩා ගන්න හදන්නේ "
-
8:36 - 8:38අපේ ජනාධිපතිම කිව්වා එක
-
8:40 - 8:42මම හිතන්නේ නෑ ටේලර් ස්විෆ්ට්,
-
8:42 - 8:46ලෝකෙම දන්නා ධනවත්ම ගායිකාවක්,
-
8:47 - 8:48එයට තවත් සල්ලි ඕනේ කියල
-
8:48 - 8:51එයාව අපයෝජනය කරපු එක එලි කලාම
-
8:51 - 8:52ඩොලර් එකකට.
-
8:53 - 8:55මම හුඟක් සතුටු වුණා ඒ ගැන.
-
8:57 - 8:59මෙන්න එහෙනම් කවදාවත් නොකියපු ප්‍රවෘත්ති
-
8:59 - 9:03ලිංගික අතවර ගැන:
-
9:05 - 9:07කාන්තාවන්ට ඕනේ කරන්නේ ආරක්ෂිත හැංගීමක් ඇතිව , පිළිගැනීමක් ඇතිව
-
9:08 - 9:10ලිංගික බලපෑම් වලින් තොර වැඩපොළකට යන්න.
-
9:10 - 9:11එච්චරයි,
-
9:12 - 9:17(අත්පොලසන් )
-
9:18 - 9:21දැන් එහෙනම් අපි කොහොමද නැතිවෙච්ච බලය අපහු ලබා ගන්නේ
-
9:22 - 9:23මගේ ළඟ තියෙනවා පිළිතුරු තුනක්
-
9:24 - 9:25අංක එක
-
9:25 - 9:29අපි මේ සිද්ධි බලාගෙන ඉන්න අයයි, අනුබල දෙන අයයි උදව් කර ගන්න ඕනේ
-
9:30 - 9:3398% අමෙරකානු ආයතන ප්‍රතිපත්තියක්
-
9:33 - 9:35විදියට ලිංගික අපයෝජන සම්බන්ධ පුහුණු වීම පවත්වනවා.
-
9:35 - 9:3870% ආයතනවල වැලැක්වීමේ වැඩසටහන් තියෙනවා.
-
9:39 - 9:41එහෙම වුනත් හුඟක් තැන්වල
-
9:41 - 9:44සාක්ෂිකරුවන් ඉදිරිපත් වෙන්නේ නැහැ
-
9:45 - 9:462016 දී හාවර්ඩ් ව්‍යාපාරික සමාලෝචන වාර්තාවේ මේක
-
9:46 - 9:50බල සිටින්නන්ගේ බලපෑම කියල හඳුන්වල තිබුන
-
9:52 - 9:55එත්, මතකද 9/11
-
9:55 - 9:58අපිට දහස් වතාවක් ඇහිලා තිබුන
-
9:58 - 9:59"දකින දේ කියන්න ඉදරිපත් වෙන්න කියල "
-
9:59 - 10:01"දකින දේ කියන්න ඉදරිපත් වෙන්න කියල "
-
10:02 - 10:06කල්පනා කරන්න , බලා සිටින්නන් ක්‍රියාත්කම වුන නම්
-
10:06 - 10:09,කාර්යාලයේ සිදුවන ලිංගික අපයෝජන සිදු කරන
-
10:10 - 10:13අපරාධ කරුවන් හඳුනාගන්න , මේ සිද්ධි නවත්තන්න
-
10:14 - 10:18අපරාධ කරුවන්ට අභියෝග කරන්න
-
10:19 - 10:22වින්දිතයින්ට උදව් කරන්න.
-
10:22 - 10:24මම පිරිමි අයගෙන් ඉල්ලා සිටින්නේ
-
10:25 - 10:27අපි සටන් කළ යුතුයි කියලා
-
10:28 - 10:29මේක කියන්නේ කන්තවන්ටත් එක්කම තමයි
-
10:29 - 10:32අනුබල දෙන්නන් වෙනුවට උදව් කරන්නන් වෙන්න
-
10:32 - 10:34දෙවැනි කාරණේ තමයි
-
10:34 - 10:35නීති වෙනස් කරන එක .
-
10:37 - 10:38කීයෙන් කීදෙනාද දන්නේ රැකියා ගිවිසුමේ
-
10:38 - 10:41ගැටළු උසාවි යාමෙන් තොරව විසඳගන්න
-
10:41 - 10:43වගන්ති ඇතුලත් කරලා තියෙනාද කියලා?
-
10:44 - 10:45හුඟ දෙනෙක් අත උස්සන්නේ නැහැ
-
10:45 - 10:47දන්නේ නැත්නම් අදම හොයල බලන්න.
-
10:47 - 10:48දැන් අහ ගන්න ඇයි මම එහෙම කියන්නේ කියල
-
10:49 - 10:50ටයිම් සඟරාවේ කියල තියෙනවා ,
-
10:50 - 10:52බලන්න තිරය දිහා
-
10:52 - 10:55මේ වගන්ති, ලිංගික අපයෝජන
-
10:55 - 10:59හංගල තිය ගන්න උදව් කරනවා කියල
-
11:00 - 11:01සමථයට එළඹෙන්න බල කිරීම මගින්
-
11:01 - 11:047 වෙනි සංශෝධනයෙන් ලබා දීල තියෙන
-
11:04 - 11:05ජූරියක් ලබා ගැනීමේ අයිතිය නැති කරනවා කියල
-
11:06 - 11:07එක රහසක්
-
11:08 - 11:10ඔබට එකම සාක්ෂිකරුවන් සහ සාක්ෂි ලැබේන්නේ නැහැ
-
11:10 - 11:13ආයතනය තමයි බේරුම් කරන තුන් වන පාර්ශවය හොයා ගන්නේ
-
11:14 - 11:16අභියාචනා ඉදිරිපත් කරන්නත් බැහැ
-
11:16 - 11:1920% වෙලාවල විතරයි සේවකයා දිනන්නේ
-
11:20 - 11:22එකත් රහසේ සිදු වෙන ක්‍රියා පටිපාටියක්.
-
11:22 - 11:25ඒකනිසා කවුරුවත් දන්නේ නැහැ මොකද්ද හරියටම් වුනේ කියල
-
11:26 - 11:28එකම තමයි මම ඉතාමත් කාර්යක්ෂමව වැඩ කරන්නේ
-
11:28 - 11:29වොෂින්ටන් වල
-
11:29 - 11:31මේ නීති වෙනස් කරන්න.
-
11:31 - 11:32මම සෙනෙට් සභිකයින්ට කියන්නේ මේකයි
-
11:32 - 11:34ලිංගික අපජෝයන වලට දේශපාලනය බලපාන්නේ නැහැ
-
11:34 - 11:36කවුරුහරි කෙනෙක් කරදර කරන්න කලින්
-
11:36 - 11:40අහන්නේ නැහැ ඔබේ දේශපාලන පක්ෂය මොකද්ද කියල
-
11:40 - 11:41ඒ ගොල්ලන ඔබව අපයෝජන වලට ලක් කරනවා
-
11:41 - 11:44අපි ඔක්කොම මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ මේකයි
-
11:44 - 11:46අංක තුන
-
11:46 - 11:47සැඩ පරුෂ වෙන්නත් වෙනවා
-
11:48 - 11:50අපි කොන්ද කෙලින් තියාගෙන
-
11:50 - 11:52අපේ ආත්ම ශක්තිය වැඩි දියුණු කර ගන්න ඕනේ
-
11:52 - 11:54අපි නැගී සිටන්න ඕනේ , කතා කරන්න ඕනේ
-
11:54 - 11:56අපි ලෝකයටම කියන්න ඕනේ අපිට මොකද වුනේ කියල
-
11:58 - 12:00මම දන්නවා එක ඉතාම බය හිතෙන අපහසු කාර්යයක්
-
12:00 - 12:02නමුත් අපි මේක අපේ දරුවන් වෙනුවෙන් කළ යුතු දෙයක්
-
12:02 - 12:05අපේ මීළඟ පරම්පරාව වෙනුවෙන්
-
12:07 - 12:09මම දන්නවා මම එක කරේ මගේ දරුවන් වෙනුවෙන්
-
12:11 - 12:13ඒ ගොල්ල ඉතාම වැදගත් මගේ තීරණ ගැනීමේදී
-
12:13 - 12:15මම මගේ අත්දැකීම් ලෝකෙට කියනවද කියල
-
12:16 - 12:17මගේ සුන්දර දරුවෝ,
-
12:17 - 12:19අවුරුදු 12ක මගේ පුතා, ක්‍රිස්ටියන්
-
12:19 - 12:21අවුරුදු 14ක මගේ දුව, කායා
-
12:21 - 12:23මම කොච්චර නම් ඒ ගොල්ලන්ව අවතක්සේරු කළාද
-
12:24 - 12:26ගිය අවුරුද්ද්දේ අන්තිම දවසේ තමයි
-
12:26 - 12:28මගේ යෝජනා ප්‍රකාශයට පත් වුනේ
-
12:28 - 12:30මම හරිම කරදරෙන් හිටියේ ඒ ගොල්ලෝ මොනවගේ දේවල් වලට මුහුණ දෙයිද කියල
-
12:30 - 12:33මගේ දුව ගෙදර ඇවිත් කිව්වා
-
12:33 - 12:36"අම්මා හුඟක් කට්ටිය මගෙන් ඇහුවා ඔයාට මොකද්ද වුනේ කියල ගිම්හාන කාලේදී කියල"
-
12:36 - 12:38ඊට පස්සේ මගේ දුව මගේ ඇස් දෙක දිහා බැලුවා
-
12:38 - 12:39බලල කිව්වා "අම්මේ
-
12:39 - 12:41මම ඔය ගැන හුඟක් ආඩම්බරයි
-
12:42 - 12:44ඔය මගේ අම්ම කියල කියන්න "
-
12:47 - 12:48ඊට සති දෙකකට පස්සේ
-
12:48 - 12:52අන්තිමේදී ඇය හිත හදාගෙන ඇයට හැමදාම කරදර කරපු
-
12:52 - 12:54ළමයි දෙන්නට මුහුණ දදෙන්න තීරණය කර
-
12:54 - 12:56ඇය ගෙදර ඇවිත් මට කිව්වා
-
12:56 - 12:59"අම්ම අන්තිමේදී මට ධෛර්යක් ආවා
-
13:00 - 13:02මොකද මම දැක්ක ඔයත් කරදර වලට මුහුණ දෙනවා
-
13:05 - 13:11(අත්පොලසන්)
-
13:12 - 13:16ධෛර්යමත් කිරීම බෝවෙන ලෙඩක් වගේ
-
13:18 - 13:22මම හිතනවා මම ඔයගොල්ලන්ව උද්යෝගීමත් කරන්න
-
13:22 - 13:25මොකද දැන් තමයි සන්ධිස්ථානය
-
13:25 - 13:27අපි අතීතය දැක්කා .
-
13:27 - 13:30අදටත් තවත් කාන්තාවෝ ඉදිරිපත් වෙලා කියන්නේ
-
13:30 - 13:31දැන් ඉවසුවා ඇති කියල.
-
13:34 - 13:38(අත්පොලසන්)
-
13:39 - 13:42මේක මගේ අවසාන ඉල්ලීම ආයතන වලින්
-
13:43 - 13:47නැවතත් අර කාලකන්ණි නිසා රැකියා අහිමි වෙච්ච
-
13:47 - 13:49කාන්තාවන් බඳවා ගනිමු.
-
13:50 - 13:52මෙන්න මම දන්නා දේ ඒ කාන්තාවන් ගැන
-
13:53 - 13:57අපි තව දුරටත් ඒ ගොල්ලන්ව අව තක්සේරු කරන්න , පහත කරන්න හොඳ නැහැ
-
13:58 - 14:01අපිව නිහඬ කරන්න පවතින ක්‍රමයට ඉඩ දෙන්න හොඳ නැහැ
-
14:01 - 14:03අතීතයේ නරක පුරුදු වලටවත්
-
14:03 - 14:04අපි නැගී සිටිය යුතුයි
-
14:05 - 14:07අපි අපේ හඬ අවදි කල යුතුයි
-
14:08 - 14:10අපේ හඬ අනිත් යට ඇස්සවිය යුතුයි
-
14:11 - 14:15අපි අපිට උරුම දේ ලබා ගත යුතුයි
-
14:16 - 14:18ඒ ඔක්කොටම වැඩිය
-
14:18 - 14:22අපි ආත්මෂක්තිය ඇතිව කටයුතු කරන්න ඕනේ.
-
14:22 - 14:23ස්තුතියි.!
-
14:24 - 14:29(අත්පොලසන්
- Title:
- කාර්යාලයේ ලිංගික අපයෝජන නවත්වන්නේ කෙසේද
- Speaker:
- ග්රෙචන් කාල්සන්
- Description:
-
ග්රෙචන් කාල්සන් තමන්ගේ කාර්යාලයීය අත්දැකීම් ලොවට හෙළි කිරීමෙන් පසු , අනෙකුත් කාන්තාවන් ඔවුනට සිදු වූ අපයෝජන ලොවට හෙළි කිරීමට දිරි ගැන්වීය . ඇය මෙම විශිෂ්ට , ධෛර්යමත් ආමන්ත්‍රණය මගින් අයගේ අත්දැකීම පවසා සිටින්නීය. ඇයගේ මෙම දේශනය කාන්තාවන්ට ආරක්ෂාකාරී කාර්යලයීය පරිසරයක් සැකසීමට අවශ්‍ය කරුණු තුනක් හඳුනා ගනීයි. කාන්තාවන් අවතක්සේරු නොවීම නොකිරීම , තැති නොගැනීම සහ සෑම විටම ඉදිරිපත් වී කතා කිරීම මගින් කාන්තාවන් ඔවුනට උරුම අවස්ථාවන් උදා කර ගැනීමට හැකි වනවා ඇත යනු මෙමෙ දේශනයේ සාරාංශයයි.
- Video Language:
- English
- Team:
closed TED
- Project:
- TEDTalks
- Duration:
- 14:44
![]() |
Dulini Mudunkotuwa approved Sinhala subtitles for How we can end sexual harassment at work | |
![]() |
Dulini Mudunkotuwa accepted Sinhala subtitles for How we can end sexual harassment at work | |
![]() |
Tharanga Wijethilake edited Sinhala subtitles for How we can end sexual harassment at work | |
![]() |
Tharanga Wijethilake edited Sinhala subtitles for How we can end sexual harassment at work | |
![]() |
Tharanga Wijethilake edited Sinhala subtitles for How we can end sexual harassment at work | |
![]() |
Tharanga Wijethilake edited Sinhala subtitles for How we can end sexual harassment at work | |
![]() |
Tharanga Wijethilake edited Sinhala subtitles for How we can end sexual harassment at work | |
![]() |
Tharanga Wijethilake edited Sinhala subtitles for How we can end sexual harassment at work |